Latest News

‘බදුවත්තේ චාමර’ ඇතුළු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට ඉන්ටර්පෝල් රතු වරෙන්තු

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ‘බදුවත්තේ චාමර’ ඇතුළු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු ඉල්ලා සිටීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, පසුගියදා ග්‍රෑන්ඩ්පාස් හි සිදූවූ ද්විත්ව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන්.

ග්‍රෑන්ඩ්පාස් – වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට පසුගියදා (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කරමින් වෙඩිතබා තිබුණේ ඔවුන් ත්‍රීරෝද රථයකින් යමින් සිටියදීයි.

වෙඩි තැබීමෙන් 56 හැවිරිදි කාන්තාවක හා 31 හැවිරිදි ඇගේ ඥාතියකු ජීවිතක්ෂයට පත්වුණා.

‘බදුවත්තේ චාමර’ විසින් මෙහෙයවන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණකරුවන් විසින් පොලීසියට ඔත්තු දුන්නා යැයි සිතා එලෙස අදාළ කාන්තාව සහ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මිය ගිය කාන්තාව ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අයෙක් බව සඳහන්.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබාදුන් ප්‍රකාශ ඔස්සේ විමර්ශන දියත් කළ පොලීසියට කරුණු රැසක් අනාවරණ කරගැනීමට හැකිව තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘බදුවත්තේ චාමර’ ඇතුළු අපරාධකරුවන් දෙදෙනා මෙරට සිදුවූ තවත් වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන කිහිපයක් හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටත් එහිදී අනාවරණ වී ඇති බව සඳහන්.

ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර එකී නියෝග ලබාගැනීමට පොලීසිය පියවර ගනිමින් සිටිනවා.

ඊයේ (07දා) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කැලණිය වනවාසල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ දහයකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා ද ‘බදුවත්තේ චාමර’ නමැත්තාගේ සඟයකු බවයි පොලීසිය සඳහන් කළේ.

World News