ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.
නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් මේ බව ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපති, හිටපු අගමැති, මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්රායයි.
ඔහු 2010 පාර්ලිමේන්තු මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කර මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේදී 2020 සිට 2022 දක්වා යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ කටයුතු කළා.