ශ්රී ලංකාවේ වර්ගඵලය කිලෝමීටර 1,630කින් වැඩිවී ඇති බව මැනුම්පති සුදත් එල් පී පෙරේරා මහතා අද නිවේදනය කළා.
ශ්රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 65,610ක්ව පැවතුණා.
එය මේ වන විට වර්ග කිලෝමීටර 67,240 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැනුම්පතිවරයා පවසන්නේ.
ශ්රීලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවා අදට වසර 224ක් සපිරෙනවා.
ඒ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් මැනුම්පතිවරයා ශ්රී ලංකාවේ නව භූමි ප්රමාණය පිළිබද තොරතුරු ප්රකාශයට පත්කළා.