Latest News

🎅 ජේසු උපත සමරන අසිරිමත් නත්තල අදයි

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදයි.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීහු අද මේ අසිරිමත් උපන් දිනය සමරනවා.

දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලයම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අපද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවයි.

සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ගැබ්ව තිබෙනවා.

සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබමොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැයි අද රටපුරා සෑම දෙව් මැදුරකම ගැයෙන බැතිගීවල නාදය වනු ඇති.

ලක්වාසි කිතුණු ජනතාවද අද දේවස්ථානවල ආගමික වැඩසටහන් පවත්වනු ලබනවා.

World News