Latest News

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට දී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට

Published 9 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ගනු ලැබූ තීරණයකට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) සිට ඉවත් කිරීමට නියමිතයි.

ඒ, අනුව් අද දිනයේ සිට ව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂා සඳහා පොලිස් නිලධාරීන් පමණක් යෙදවීමටයි තීරණය කර ඇත්තේ.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු සභාවාරයේ දී මහජන ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ අද (23) දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම මාස 06කට වරක් සිදුකරන සමාලෝචනයකට අනුව ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් සමඟ මෙම තීරණයට එළඹී බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

World News