Latest News

හඳුනානොගත් උණ රෝගයකින්, යාපනය ශීක්ෂණ රෝහලේදී තිදෙනෙක් ජිවිතක්ෂයට

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යාපනය ශීක්ෂණ රෝහලේදී දින දෙකක් ඇතුළත උණ රෝගයකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඊයේ (09) පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එසේ මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කළේ.

උණ රෝගය වැළඳීම නිසා මෙම පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත්, එම උණ රෝගය නිශ්චිත වශයෙන් හඳුනාගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරු බරපතල ප්‍රශ්නයකට මුහුණ පා තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 42ක පුද්ගලයෙකු, නාවට්කුලි ප්‍රදේශයේ වයස අවුරුදු 32ක පුද්ගලයෙකු හා කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කළ වයස අවුරුදු 28ක පුද්ගලයෙකුයි.

උණ හා කැස්ස වැළඳී ඇති රෝගීන් වහාම ළඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් බවයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

World News