ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.
ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද ලේකම්වරයා පැවසුවා.
ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති.