Latest News

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පච්ච මකනවාද? – සනත්ගෙන් පිළිතුරු (VIDEO)

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමන් අතරමැදි පුහුණුකරු ලෙසින් කටයුතු කළත්, තමන් ඉන්න වෙලාවේ ක්‍රීඩකයන්ගේ විනය තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

ක්‍රිකට් ආයතනයේ අද (24දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර සිටියා.

මෙහිදී ජයසූරිය මහතාගෙන් විමසා සිටියේ, ඔබ පුහුණුකරු වූ පසු ක්‍රීඩකයන්ගේ කොන්ඩ කපලා කරාබු ගැලෙව්වා කියලා කථාවක් තියෙනවා, ඊළඟට පච්චත් මකන්න අදහසක් තියෙනවාද…? යනුවෙන්.

ඊට වැඩිදුරටත් පිළිතුරු දුන් සනත් ජයසූරිය මහතා…

“අපි සාමාන්‍ය දේවල් තමයි කරන්නේ. ඔය කියන තරම් දේවල් නෙමෙයි. මූලික විනය විතරයි බලන්නේ.

මම අතරමැදි පුහුණුකරු කෙනෙක්. ඉන්නේ තරගාවලි දෙකකටයි. නමුත් ඒ ඉන්න වෙලාවේ විනය තියෙන්න ඕන.

ක්‍රිකට් කියන්නේ ජනතාවගේ ආදරණීය ක්‍රීඩාව. අපිට, මේ ක්‍රීඩකයින්ට ඔවුන් ගොඩක් ආදරේ කරනවා.

ඒ අය බලන් ඉන්නවා. විශේෂයෙන් පොඩි ක්‍රීඩකයෝ ලොකු අය දිහා බලාගෙන ඉන්නවා.

ඒ අය කරන දේවල් ඉගෙන ගන්න කැමතියි. ඒ නිසා හොඳ දේවල් කළොත්, හැඳීගෙන එන පොඩි අයට ඒක ගොඩක් හොඳ වෙයි.

ඒ පැත්තෙන් බලලා තමයි පොඩි පොඩි වෙනස්කම් කරන්නේ” යනුවෙන් පවසා සිටියා.

World News