Latest News

රිදියගම සෆාරි උද්‍යානයේ ලාරා සහ ඩෝරා, අම්මයි දුවයි පැටව් 6ක් බිහි කරයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සිංහ ධේනුවන් දෙදෙනකු සිංහ පැටවුන් 06 දෙනකු ප්‍රසූත කර තිබෙනවා.

මෙවර සිංහ පැටවුන් තිදෙනා බැගින් උපත ලබා ඇත්තේ වයස අවුරුදු 10ක් පමණ වන ලාරා නමැති සිංහ ධේනුවට හා ඇයගේ දියණියක වන ඩෝරා නමැති අවුරුදු 04ක් වයසැති සිංහ ධේනුවටයි.

එම පැටවුන් මේ මස අවසන් වන විට ජනතා ප්‍රදර්ශනයට එක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත මහතා පැවසුවේ.

මෙම ඩෝරා නමැති සිංහ ධේනුව පිළිබඳව පසුගිය කාලයේ මුළු රටේම ජනතාව එක්ව කතාබහට ලක්වූ සිංහ ධේනුවක්.

ලාරා නමැති සිංහ ධේනුව විසින් ඩෝරා බිහිකළ පසු කිරි නොදී මව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යාවරුන්ගේ හා සත්ත්ව භාරකරුවන්ගේ උවටැන් යටතේ හැදීවැඩුණු ඩෝරා හැදී වැඩී තිබෙනවා.

එම සිංහ ධේනුව මෙවර පැටවුන් තිදෙනකු බිහිකර ඇති අතර, ඩෝරා මවගෙන් ප්‍රතික්ෂේප වූ නමුත් පැටවුන් බිහිකළ ඩෝරා සිය පැටවුන් නිසිපරිදි බලාගැනීම සිදුකරන බවයි පැවසෙන්නේ.

මේ වන විට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහයන් 18 දෙනෙක් සිටිනවා.

අලුත උපන් පැටවුන් 06 දෙනාම නිරෝගිමත්ව සිටින අතර මේ මස අවසන් වන විට සංචාරකයන්ට මෙම සිංහ පැටවුන් නැරැඹීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

World News