Latest News

ශ්‍රී ලංකාවට කෘෂි රසායන, Online ගෙන්වීම තහනම්

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකින් නීත්‍යනුකූල නොවන පළිබෝධ නාශක විවිධ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන එන බවත්, ඒවා සීමා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධානී කෘෂිකර්ම විද්‍යා ආචාර්ය ජීවනී මාරසිංහ මහත්මිය පවසනවා.

ඒ අනුව ඊට අදාළ නීති දැඩි කිරීමට පියවර ගෙන තිබෙන බවයි ඇය සඳහන් කළේ.

‘‘පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ යම් පළිබෝධ නාශකයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන තැන සිට එය භාවිත කරන තැන තෙක් නීති සකස් කර තිබෙනවා. එලෙස ආනයනය කරන කෘෂි රසායනික ද්‍රව්‍යවල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි ඒවා භාවිත කිරීමට අවසර දෙන්නේ. නමුත් එක් සාම්පලයක් පරීක්ෂා කරන්න රුපියල් 50,000 ක් විතර වියදම් වෙනවා. ඒ නිසා මෙරටට ගෙන එන සෑම කෘෂි රසායනික ද්‍රව්‍යයක්ම පරීක්ෂා කිරීමට අපහසු වී තිබෙනවා ’’ ලෙස ඇය සඳහන් කළා.

‘‘රටේ ගොවීන් විශාල පිරිසක්, හොර පාරෙන් ලංකාවට එන පළිබෝධ නාශක පාවිච්චි කරනවා. යම් වගාවකට පළිබෝධ නාශක ඉසිය යුතු මාත්‍රාව නිසි පරිදි නොදත් ගොවීන් තමන්ට හිතෙන පරිදි එම ද්‍රව්‍ය ඉසිනවා. මේ පිළිබඳව ග්‍රාමීය ගොවි ජනතාව දැනුවත් කළ යුතුයි. නිසි ප්‍රමිතියකින් තොරව නීති විරෝධී පළිබෝධ නාශක ද්‍රව්‍යන් මෙරටට ගෙන්වන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල් වැඩි කිරීමටත්, ඊට අමතරව සිර දඬුවම් නියම කිරීම දක්වාත් නීති දැඩි කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි.’’ යනුවෙන් ද ජීවනී මාරසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

World News