Latest News

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක, මී උණ අවදානමක්

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ඒ අනුව වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක හඳුනා ගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවෙන් මී උණ රෝගීන් 10,000ක් පමණ වාර්තා වී තිබෙනවා.

මී උණ හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 120 ත් 200 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

මීයන්ගේ මුත්‍රා ජලයට එක්වී, ශරීරයේ පවතින තුවාල ඔස්සේ  විෂබීජ ශරීරගත වී, මී උණ වැළදිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව, මී උණ රෝගයේ ලක්ෂණයි.

එම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් රෝහල් ගත වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ.

World News