Latest News

ඉදිරි දින කිහිපය තුළ නව අගමැතිවරයෙක් නම් කරන බවට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රතිඥාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරි දින කිහිපය ඇතුළත නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රතිඥා දී තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඊයේ දිනයේදී ජාතිය අමතමින් සිදු කළ ප්‍රකාශයක් අතරතුරයි මේ බව සඳහන් කර ඇත්තේ.

ධුරයෙන් ඉවත් වන ලෙස විපක්ෂයෙන් තමාට එල්ලවන බලපෑම කිසිසේත්ම නොසලකන බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

2027 වන තෙක් ධුරයේ රැඳී සීටීමට තමාට පැහැදිලි ජනවරමක් ලැබී ඇති බවයි මැක්‍රෝන් ජාතිය අමතමින් කියා සිටියේ.

විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමත් සමග අගමැති ධුරයෙන් ඉවත් වූ මිචෙල් බාර්නියර්ට ජනාධිපතිවරයා මෙහිදී තම ස්තුතිය පල කළා.

ජනාධිපතිවරයා ඔහුව පත් කර මාස තුනකට පසුවයි මෙලෙස විශ්වාසභංගයක් ඉදිරිපත් වුණේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍යව තිබූ අතර ඡන්ද 331 ක් ලැබීමත් සමග බහුතර අනුමැතියෙන් යෝජනාව සම්මත වුණා.

1962 වසරෙන් පසු විශ්වාසභංගයකින් පසු ප්‍රංශ රජයක් බිඳවැටුණු පළමු අවස්ථාව ද මෙය වනවා.

World News

Send your contact Details Today