දින 4ක් තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 321 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
පසුගිය නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගින් 3,178ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
ඩෙංගු අවදානම් ප්‍රදේශ 20ක් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා.
අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ.