ඉන්දියාවේ උතුරු තමිල්නාඩුවට බලපෑ ‘ෆෙංගල්’ සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුරෙන් තමිල්නාඩු සහ පුදුචේරි ප්‍රදේශවල බස් රථ ගසාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස ගසාගෙන ගොස් ඇති වාහන අතර බොහොමයක් පොදු ප්‍රවාහන සේවයට අයත් බස් රථ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තමිල්නාඩු මෙන් ම පුදුචේරි ප්‍රාන්තවල සියලුම පෞද්ගලික හා රජයේ පාසල් වසා දමා තිබෙනවා.
මේ අතර ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අධික වර්ෂාපතනයත් සමග අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර ඇති බවයි NDTV මාධ්‍ය වාර්තා කළේ.
තමිල්නාඩුව සහ පුදුචේරි අසලින් ගොඩබිමට කඩා වැදුණු ෆෙංගල් සුළි කුණාටුව ඊයේ (01) ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වූ නමුත් අධික වර්ෂාව සහ ගංවතුර; ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටම දැඩි බලපෑම් එල්ල කළා.
ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයට පැය 14කට අධික කාලයක් අඛණ්ඩව අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඊයේ රාත්‍රියේ වැඩිම වර්ෂාපතනයක් උතන්ගරායි ප්‍රදේශයෙන් වාර්තා වුණා.