Latest News

උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු තායිවානයේ ඉහළ අහසේ චීන බැලූනයක් දර්ශනය වූ බවත්, එවැනි සිදුවීමක් වාර්තා වූයේ මාස 6කට පසුව බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

මෙවැනි හඳුනාගත නොහැකි බැලූන, චීනයෙන් සිදුවන හිරිහැර ලෙස දකින තායිවානය, සිය භූමිය උල්ලංඝනය කිරීමක් ලෙසයි එය පෙන්වා දෙන්නේ.

විවෘත සටනකින් තොරව අවිධිමත් උපක්‍රම භාවිත කරමින් සතුරකු වෙහෙසට පත් කිරිම සඳහා මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරන බවට චීනයට චෝදනා එල්ල කරන තායිවානය සිය රට දෙසට බැලූනයක් පියාසර කරවීම ද එහි එක් පියවරක් ලෙස හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පසුගිය ජනවාරි මාසයේ තායිවානයේ ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර සිට තායිවාන අහසේ එවැනි බැලූන විශාල වශයෙන් දර්ශනය වූ බවත්, අවසන් වරට එවැනි බැලූනයක් දර්ශනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වනවා.

නාවික සැතපුම් 60ක් දුරින් උතුරු තායිවාන අහසේ පැය දෙකක කාලයක් පියාසර කර ඇතැයි කියන එම බැලූනය අනතුරුව අතුරුදන්වූ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

World News