Latest News

වික්ටෝරියා ප්‍රාන්තය තුළ COVID -19 අවදානම ඉහළ යාමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාව පුරා Covid 19 නැවත වරක් හිස ඔසවන පසුබිමක වික්ටෝරියා ප්‍රාන්තය තුළ එම තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වනවා.

මෙවැනි තත්වයක් තුළ සෞඛ්‍ය විශේෂඥයින් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නත්තල් උත්සව සමය ආරම්භ වීමට පෙර Covid 19 එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට එන්නත්කරණය සදහා යොමුවන ලෙස හා නිරතුරුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරන ලෙසයි.

මේ අතර පසුගිය මාසයේ දී වික්ටෝරියා ප්‍රාන්තය තුළ Covid 19 රෝගීන් 44% කින් ඉහල ගොස් තිබෙන බවයි Covid 19 Live දත්ත වාර්තා විසින් පෙන්වා දී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ Covid 19 වැළඳුණු රෝගීන් රෝහල්ගත වීමේ ප්‍රතිශතය ද ඉහල ගොස් තිබෙන අතර ඔක්තෝබර් මාසය තුළ සතියකට රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව දළ වශයෙන් 197 ක් දක්වා ඉහල ගොස් තිබෙන බවද එම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ක්ලෙයාර් ලූකර් විසින් සදහන් කර ඇත්තේ සෞඛ්‍ය දර්ශකයන් හරහා පෙන්නුම් කරන්නේ ප්‍රාන්ත වැසියන් අතර Covid 19 රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

World News