Latest News

යුක්‍රේනයේ කොටස් “නේටෝ කුඩය යටට” ගෙන යා යුතු බව සෙලෙන්ස්කි කියයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද්ධයේ උණුසුම අවසන් කිරීමට නම් යුක්‍රේනයේ කොටස් “නේටෝ කුඩය යටට” ගෙන යා යුතු බව ජනාධිපති Volodymyr Zelensky පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ Sky News සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

පුළුල් පරාසයක දිව ගිය එම සාකච්ඡාවේදී ඔහු සඳහන් කර ඇත්තේ, යුක්‍රේනයේ ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා නේටෝව යටතට පත් කළ යුතු බවයි.

ඉන් පසුව රුසියානු පාලනය යටතේ පවතින භූමිය “රාජ්‍ය තාන්ත්‍රික ආකාරයකින්” නැවත ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකි බව ඔහු පවසා තිබෙනවා.

නමුත් යෝජනාව ඉතා න්‍යායික බවත් කිසිවෙකු තවමත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැති බවත් ඔහු පවසනවා.

දැනට රුසියානු පාලනය යටතේ පවතින කොටස් ඇතුළුව මුළු රටටම සාමාජිකත්වය පිරිනැමීමට නේටෝවට අවශ්‍ය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි යුක්‍රේන නායකයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

බොහෝ පිරිස් රුසියා – යුක්‍රේන යුද්ධයේ සටන් විරාම යෝජනා කළ නමුත් රුසියාව නැවත යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට යාන්ත්‍රණයක් නොමැතිව සටන් විරාම වෙත යාම ඉතා භයානක බවයි ජනපතිවරයා අවධාරණය කරන්නේ.

එවැනි සහතිකයක් ලබා දිය හැක්කේ නේටෝ සාමාජිකත්වයට පමණක් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

World News