Latest News

ඉදිරි පැය කිහිපයේදී රුසියානු හමුදා සිරියාවට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියාවේ කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි ප්‍රදේශ කිහිපයක පාලනය තමන්සතු කරගෙන ඇති බව වාර්තා වනවා.

එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන Syrian Observatory (SOHR) නිරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ කැරලිකරුවන් නගරයේ අඩකට වඩා පාලනය ලබාගෙන ඇති බවයි.

මෙය වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය වන අතර,ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට එරෙහිව සටන් කරන කැරලිකරුවන් ඇලෙප්පෝ වෙත ළඟා වූ පළමු අවස්ථාවයි.

සිරියානු බලධාරීන් මේ වනවිට ඇලෙප්පෝ ගුවන් තොටුපළ මෙන්ම නගරයට ඇතුළු වන සියලුම මාර්ග වසා දමා ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

ඉස්ලාමීය සටන්කාමී කන්ඩායමක් වන හයාත් තරිර් අල්-ෂාම් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්ම කර ඇති අතර ඉදිරි පැය 72 තුළ රුසියානු හමුදා සහය සිරියාවට ලැබෙණු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එතෙක් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් ඔවුන්ට ජනාධිපති බෂාර් අල්-අසාද් උපදෙස් දී ඇති බව සඳහන්.

World News