Latest News

ඉතාලියේ ටුවර් මියුසික් ෆෙස්ට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට රෙයින් සමත්වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ පැවැත්වුණු ටුවර් මියුසික් ෆෙස්ට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකික දරුවෙක් සමත් වී තිබෙනවා.

ඔහු නමින් රෙයින් ඉමාෂ් කරුණාරත්න.

රෙයින් ඉපදෙන්නේ ඉතාලියේ. ඒ 2016/05/19 වැනිදා.

මේ වෙද්දී පුංචි රෙයින්ගේ වයස අවුරුදු 08ක්.

රෙයින්ගේ මව පියා ශ්‍රී ලාංකිකයින් වන අතර ඔවුන් මේ වන විට ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ.

මේ වන විට රෙයින් මිලානෝවල ඔපෙරා ඉන්ට්‍රනැෂනල් මියුසික් පාසලෙන් සංගීතය හදාරමින් සිටිනවා.

මොහු පුංචි කාලයේ සිටම ගායනය වාදනය යන අංශවලට ගොඩක් දක්ෂයි.

ඒ නිසාම ඉතාලියේ පැවැත්වුණු ටුවර් මියුසික් ෆෙස්ට් තරගාවලියේ යුරෝපිය රටවල් අතර තරගයට, තරග කරැවන් 25,000ක් අතරින් අවසාන වටය සදහා රෙයින් තේරීපත් වනවා.

අවසන් 25 දෙනා අතරට ශ්‍රි ලංකිය සම්බවයක් ඇති බේබි සිගර් තරග අංශයට තේරි පත්වූ එකම තරගකරු තමයි පුංචි රේයින්.

අවසාන තරග වටය නොවැම්බර් 29 වන දින ඉතාලියේ සන්මරීනෝවල පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.

ඉතින් මෙම තරගය ජයග්‍රහණය කිරීමට පුංචි රේයින්ට Radio WESL සුබ පැතුම් එකතු කරනවා.

World News