Latest News

🌦 Adverse Weather SL: ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක අවදානමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි පැය 36 දී දිවයිනේ උතුර, උතුරු මැද, මධ්‍යම ,බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ වෙත තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.

World News

Send your contact Details Today