Latest News

🌦 Adverse Weather SL: ගංවතුරේ පොල්අතු වහලක සිටි අයෙක්ව ගුවන් හමුදාවෙන් බේරාගත් මෙහෙයුම (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරත වනවා.

ඒ අනුව අද (2024 නොවැම්බර් 27) වන දින අංක 7 බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අම්පාර ප්‍රදේශය නිරීක්ෂණ කටයුතු සදහා පිටත් කර යවා තිබුණා.

මෙම මෙහෙයුම් අතරතුර එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ විපතට පත් සිවිල් වැසියෙකු ගුවනින් බේරා ගැනීමට සමත්ව වුණා.

පසුව ඔහු ගුවන් මගින් මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත ආරක්ෂිතව රැගෙන ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today