ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 59,629කට අයත් පුද්ගලයින් 207,582 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම එක් පුද්ගල මරණයක් සහ අතුරුදන්වීම් 07ක් වාර්තාවී ඇති බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 17කට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බවයි.
මේ අතර පවතින ආයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුර්ණ නිවාස හානි 06ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 561ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 1,712කට අයත් පුද්ගලයින් 6,016 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 104ක පවුල් 3,102කට අයත් පුද්ගලයින් 10,137 දෙනෙකු රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.