Latest News

ලියම් පේන්ගේ අවසන් කටයුතු ඔහු මියගොස් මසකට පසුව සිදු කෙරේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ප්‍රකට සංගීත කණ්ඩායමක් වන One Direction හි, හිටපු සාමාජික ලියම් ජේම්ස් පේන්ගේ (Liam Payne) අවසන් කටයුතු අද (නොවැම්බර් 20 බදාදා) එංගලන්තයේ හෝම් කවුන්ටිහි දී සිදුකෙරෙනවා.

ඒ, ඔහුගේ මරණයෙන් මාසයකටත් වැඩි කාලයකට පසුව‍යි.

බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන් 31 හැවිරිදි පේන් මියගියේ, ඔක්තෝබර් 16 වනදායි.

බැල්කනියෙන් වැටීමෙන් ඔහු මාරාන්තික තුවාල ලබා තිබුණා.

ලියම් පේන්ගේ අවසන් කටයුතු මහජනයාට විවෘත නොවන අතර ඊට ඔහුගේ පවුලේ අය සහ සමීපතම මිතුරන් පමණක් සහභාගී වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව පේන් නියෝජනය කළ One Direction හි සගයන් වන හැරී ස්ටයිල්ස්, ලුවී ටොම්ලින්සන්, සයින් මලික් සහ නියල් හොරන් ඒ සඳහා පැමිණෙනු ඇති.

ලොවපුරා ආන්දෝලනයට තුඩුදුන් ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ තවමත් ක්‍රියාත්මක‍යි.

සිදුකෙරුණු මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ, ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවයි.

ඒ අනුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් ආජන්ටිනා පොලිසිය විසින් තිදෙනකු අත්අඩංගුවට ද ගනු ලැබුවා.

ඔවුන් පේන්ව සමීපව ඇසුරු කළ පුද්ගලයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස අත්අඩංගුවට ගත්තවුන් හට එල්ලව ඇති චෝදනා වූයේ, පේන් හට මත්ද්‍රව්‍ය සැපයීම සහ නොසැලකිලිමත්කම යනාදිය යි.

චෝදනා ලබා ඇති අයගේ අනන්‍යතාව හෙළි නොකළත් ඊට පේන්ගේ මිතුරෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ හෝටල් සේවකයෙක් අයත් බවයි සඳහන් වූයේ.

ඒ මත පදනම්ව මෙම මස මුලදී නිකුත් කරන ලද දීර්ඝ ප්‍රකාශයකට අනුව, නඩු පවරන්නන් විසින් “ස්වයං හානිය” බැහැර කරන බවත් සඳහන් කර තිබෙනවා.

World News