ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමට සඳහා හෙට (21) උදෑසන 9.00 පමණ වනවිට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.
උදෑසන 10.00ට නව සභාවාරය ආරම්භ වන බවයි ඇය පැවසුවේ.
පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් අනතුරුව ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැඳී සිටි යුතු බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය දැනුම්දෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අද (20) දිනයේත් සිදු වනු ඇති.
පාර්ලිමේන්තු සංකීරණයේ ස්ථාපිත තොරතුරු කවුළුවට පැමිණ මන්ත්‍රීවරුන්ට තම තොරතුරු ලබා දිය හැකියි.
ඇඟිලි සලකුණු ලබාදීම සඳහා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බව ද මහලේකම්වරිය ප්‍රකාශ කළා.
මේ අතර ලබන 25 ,26, 27 යන දිනයන්හිදී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුහුණු සැසියක් පැවැත්වෙනු ඇති.
එහිදී පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරනු ඇති.
පාර්ලිමෙන්තු මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු එම දිනවලදි ලබාදෙන බවයි.