Latest News

ශ්‍රී ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ පහසුකම් ලැබෙන්නේ මෙහෙමයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී ඇති, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති, සුගත් වසන්ත ද සිල්වා මහතා වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

ඒ අනුව එම මන්ත්‍රීවරයාට ආසන පැනවීම, සභා ගර්භයට පිවිසෙන අවස්ථාවේ සිට ඡන්දය භාවිත කිරීම දක්වා වන සියලු කටයුතු පහසුවෙන් සිදු කරගත හැකි ආකාරයට සංවිධාන කර ඇති බව සඳහන්.

සුගත් වසන්ත ද සිල්වා මහතාට ආසන පැනවීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින ස්ථානයේ සිට සභාගර්භයට පිවිසෙන ළඟම ආසනය වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී ස්ථාවර නියෝගවලට අනුව ඔහුට කටහඬ භාවිත කරමින් සිය ඡන්දය භාවිත කළ හැකියි.

මන්ත්‍රීවරයාට සියලු ලිපි ලේඛන බේල් ක්‍රමය යටතේ ලබාදීම සම්බන්ධයෙන් තම අවධානය යොමුවී ඇති බවයි, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය කියාසිටියේ.

මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවශ්‍ය කටයුතු කර දීම සඳහා ද නිලධාරියෙක් පත් කර ඇති බව සඳහන්.

එම නිලධාරියා එදින පුරාවට ඔහුගේ සියලු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සහය වනු ඇති.

සභා ගර්භය තුළදී මතුවන අවශ්‍යතා ඉටු කරදීමට පාර්ලිමේන්තු සේවා සහයකන් සිටින බව ද මහලේකම්වරිය අවධාරණය කළා.

කාරක සභාවලට සහභාගී වන අවස්ථාවේදී ද ඊට අදාළ සියලු පහසුකම් ලබාදීමට සැලැසුම් කර ඇති බව සඳහන්.

World News