Latest News

සුදු සැරයටිය අතින් දරා දියවන්නා තරණයට යන සුගත්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ සුගත් වසන්ත ද සිල්වා ඉතිහාසයට එක් වන්නේ, පළමු දෘශ්‍යාබාධිත නියෝජනය ලෙසයි.

1967 වසරේ ජූලි 26 වැනිදා බලපිටිය ගොඩගෙදර ප්‍රදේශයේ උපත ලැබූ සුගත් වසන්ත ද සිල්වා කුඩා කල ක්‍රීඩා කරන අතරතුර සිදු වූ අනතුරක් හේතුවෙන් පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත් වුණා.

රත්මලාන අන්ද විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය ආරම්භ කළ සුගත් වසන්ත ද සිල්වා සිය ඇඟිලි තුඩුවලින් අකුරු කරන්නේ තමන්ට නොපෙනී ගිය ලෝකය යළි ගොඩනගා ගනිමින්.

පසුව, උසස් පෙළ විභාගය සඳහා අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුලත්ව කලා විෂය ධාරාවෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසුණා.

1994 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධිය සම්පූර්ණ කළ සුගත් වසන්ත ද සිල්වා සිය දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් නැගී සිටින්නේ ඔවුන් පිළිබඳ විද්වත් කතිකාවක් සමාජයේ ඇති කරමින්.

නොසැලෙන වීර්යයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සුගත් වසන්ත ද සිල්වා අද මෙරට 10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙරට ඉතිහාසයේ පළමු දෘශ්‍යාබාධිත නියෝජනය ලෙසයි.

World News