බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරග කළ වතු කම්කරු මවුපිය යුවළකගේ දියණියක වන අම්බිගා සැමුවෙල් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.
ඒ අනුව මෙරට මැතිවරණ ඉතිහාසයේ වතු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියක් තේරී පත්වූ පළමු අවස්ථාව සිදුවන්නේ මෙවරයි.
මනාප 58,201ක් ලබා බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ තුන්වැනි වැඩිම මනාප ලබාගත් අම්බිගා සැමුවෙල්, වතු නිවාසයක දීර්ඝ කාලයක් පදිංචි වී සිටි කෙනෙක් වනවා.
ඇය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදු කරද්දී පළවූ ප්‍රතිචාර වලින්ද කියැවුණේ ඇයගේ දේශපාලන ප්‍රවේශය අතිශය විප්ලවකාරී එකක් බවයි.
ඇය කෙලෙස හෝ පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට සංවාදයක්ද පැනනැගී තිබුණ අතර එම බලාපොරොත්තු මල් ඵල ගන්වමින් ඇයට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව ලැබුණා.
මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේ වතු හාම්පුතුන්ගේ රාජකීය සැලකුම් ලබන රජවරු ලෙස වැජඹුන වතුනායකයින්.
ඔවුන් අඩුතරමින් කම්කරු දෛනික වැටුප ඉහළ නංවාලීම වැනි ප්‍රශ්නයක් ගැනවත් උවමනාවෙන් කටයුතු කළ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.