Latest News

“පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට” ජනපති ස්තුති කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන බලවේගයයි.

එම ප්‍රතිඵලය අනූව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 141ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමින්.

මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එම පක්ෂය ඡන්ද 6,863,186ක් හිමිකර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක් වනවා.

එයට ස්තුතිය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සමාජ මාධ්‍ය වෙත “පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!” යනුවෙන් සටහනක් එක් කර තිබෙනවා.

සමගි ජනබල වේගය ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ආසන 35ක් ලබාගනිමින්.

එම පක්ෂය ඡන්ද 1,968,716ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.66ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.49ක් වනවා.

එම පක්ෂයට ආසන 3ක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් හිමිකරගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.14ක්.

එම පක්ෂය ආසන 2ක් හිමිකරගෙන තිබෙනවා.

ඡන්ද 257,813ක් හිමිකර ගැනීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.31ක් වනවා.

එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 6ක්.

ඊට අමතරව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊ.පී.ඩී.පී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය, ස්වාධීන කණ්ඩායම් 17 යන පක්ෂ මන්ත්‍රී ධුර එක බැගින් හිමිකරගෙන තිබෙනවා.

World News