පාර්ලිමේන්තු මැතිවරණයේ දිස්ත්‍රික් රැසක අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත්වී අවසන්.
එම ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ සුවිශේෂි ජයක් හිමිකරගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයේ ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 406,428ක්. එහි ප්‍රතිශතය සියයට 68.07ක් ලෙසයි දැක්වෙන්නේ.
ඒ අනුව ඔවුන්ට දිස්ත්‍රික්කයේ ආසන 7ක් හිමිවුණා.
ඡන්ද 93,486ක් ලබාගත් සමගි ජන බලවේගයට හිමිවූ ආසන සංඛ්‍යාව 1ක්. ඔවුන්ගේ ප්‍රතිශතය සියයට 15.66ක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 31,201ක් ලබාගත්තා.
එහි ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 5.23ක් ලෙසයි. ආසන 1ක් හිමිව තිබෙනවා. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ඡන්ද 30,453ක් හිමිවූ අතර එහි ප්‍රතිශතය සියයට 5.10ක්.
මාතර දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගැනීමටත් ජාතික ජන බලවේගය සමත්වුණා. ඒ ඡන්ද 317,541ක් ලබා ගනිමින්.
එහි ප්‍රතිශතය සියයට 69.83ක්. දිස්ත්‍රික්කයේ ආසන 6ක් හිමිකර ගැනීමටත් ජාතික ජන බලවේගයට හැකිවුණා.
සමගි ජන බලවේගයට ඡන්ද 74,475ක් ලබාගැනීමට හැකිවූ අතර එහි ප්‍රතිශතය සටහන් වූයේ 16.38ක් ලෙසයි.
එක් ආසනයක් හිමිකර ගැනීමට ඔවුන්ට හැකිවුණා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 31,009ක් ලබාගත්තා.
එහි ප්‍රතිශතය සියයට 6.82යි. සර්ව ජන බලයට ඡන්ද 11,776ක් හිමිවූ අතර ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 2.59ක් ලෙසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට එහි ආසන 5ක් හිමිවුණා.
ඒ ඡන්ද 234,083ක් ලබාගනිමින්.
ඔවුන්ගේ ප්‍රතිශතය සියයට 66.38යි. සමගි ජන බලවේගය ඡන්ද 52,170ක් ලබාගත්තා.
එහි ප්‍රතිශතය සියයට 14.79යි.
ආසන 1ක් හිමිකර ගැනීමට එම පක්ෂයට හැකිවුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ආසනයක් දිනාගත්තේ ඡන්ද 26,268ක් ලබාගනිමින්.
එහි ප්‍රතිශතය සියයට 7.45ක්. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 18,297ක් ලබාගත් අතර ඔවුන්ගේ ප්‍රතිශතය සියයට 5.19ක් ලෙස සටහන් වුණා.
සමස්ත ප්‍රතිඵලය – පිටුව 02
මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ආසන 5ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වුණා.
ඔවුන් ඡන්ද 174,730ක් හිමිකරගත් අතර එහි ප්‍රතිශතය සියයට 64.27ක්. සමගි ජන බලවේගය ඡන්ද 62,014ක් ලබාගනිමින් ආසනයක් හිමිකර ගත්තා.
ඔවුන්ගේ ප්‍රතිශතය සටහන් වූයේ සියයට 22.81ක් ලෙස. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුන්වන ස්ථානයට පත්වූයේ ඡන්ද 11,624ක් ලබාගනිමින්.
එහි ප්‍රතිශතය සියයට 4.28යි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 10,697යි.
එහි ප්‍රතිශතය සියයට 3.93ක්.
ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්ද 275,180ක් ලබාගත්තා.
එහි ප්‍රතිශතය සියයට 58.59ක්. ආසන 6ක් ජාතික ජන බලවේගයට හිමිවුණා.
සමගි ජන බලවේගයට හිමිවූ ආසන සංඛ්‍යාව 2ක්.
ඒ ඡන්ද 102,958ක් ලබාගනිමින්.
එහි ප්‍රතිශතය සියයට 21.92යි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසනයක් හිමිවූ අතර එම පක්ෂය ඡන්ද 36,450ක් ලබාගත්තා.
එහි ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 7.76ක් ලෙසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 11,255ක් හිමිවූ අතර එහි ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 2.40ක් ලෙසයි.