Latest News

SL Parliamentary Election 2024: මැතිවරණය ඇරඹේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමෙන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද (14) උදැසන 07.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද දායකයින්ට තම ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර, ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම්, ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ තුන්සිය පනස් හතරක් (17,140,354)

අද ශ්‍රී ලංකාව පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරීන් සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් සේවයේ යොදවා ඇති අතර නීතිය තදින් ක්‍රියාමක කිරීමට ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්.

2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දෙස් – විදෙස් මැතිවරණ නිරීක්ෂකයින්ද එක්වනවා.

මේ අතර අද දින යම් මැතිවරණ බාධාවක් සිදුවන්නේ නම් දුරකථන අංක 0113 688 025 , 0113 668 032 දැනුම්දිය හැකියි.

ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව අද පස්වරු 4.15 ට තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළා.

World News