Latest News

ආරුගම්බේ ප්‍රදේශයට නිකුත් කළ නිවේදනය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ ගමන් කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කළේ.

ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බව පවසමින් පසුගිය මස 23 වැනිදා අමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට අදාළ නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවේ පසුවනවා.

World News

Send your contact Details Today