යුරෝපා නායකයින් විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට තේරී පත්වීමත් සමඟයි.
හංගේරියාවේ දී පැවති මෙම විශේෂ හමුවේදී යුරෝපා නායකයින් අවධාරණය කර ඇත්තේ තම රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම ඇමෙරිකාව මත යැපීම අඩුකළ යුතු බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.
හමුවට යුරෝපා නායකයින් 40 දෙනෙකු පමණ එක්වූ බවද සඳහන්.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළදී යුරෝපය සමඟ කටයුතු කිරීමේ දී ලැබූ අත්දැකීම් පදනම් කර ගනිමින් යුරෝපා නායකයින් මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම නේටෝ සංවිධානයට එක් එක් රටවලින් ලබාදිය යුතු ආරක්ෂක වියදම් නිසි පරිදි නොලැබෙන්නේ නම් යුරෝපා සාමාජිකයින් ආරක්ෂා කිරීමට තම ප්‍රමුඛතාව හිමි නොවන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පළමු ධුර කාලයේදී සඳහන් කළේ.