Latest News

ශ්‍රී ලංකාවේ සයිබර් මුල්‍ය වංචාවකට හසුව ඇත්නම් ඔබ කළ යුතු දේ මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදු වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව, අදාළ පැමිණිල්ලdir.ccid@police.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට හැකි බව සදහන්.

සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා එකී සේවාවන්ගේ ද්විත්ව ස්ථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සුදුසු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

සිය සමාජ මාධ්‍ය ගිණුම වෙනත් අයෙකුගේ ග්‍රහණයට ලක් වීම වළක්වා ගැනීමට සිය දුරකථනයට හෝ අදාළ ගිණුමට ලැබී ඇති කේතයක්, රහස් අංකයක් හෝ මුරපදයක් බාහිර පාර්ශවය වෙත යොමු කිරීමට පෙර අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

World News

Send your contact Details Today