Latest News

48වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය: බස්නාහිර පළාත රන් පදක්කම් 100 පසුකරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලිය අදින් (19දා) අවසන් වේ.

ඉකුත් 17වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ දෙදිනක් අවසන් වද්දීම (පෙර මාසවලදී අවසන් වූ ක්‍රීඩා ප්‍රතිඵලද සමගින්) රන් පදක්කම් සියය සීමාව පසුකර යෑමට බස්නාහිර පළාත සමත්ව සිටිනවා.

ඒ අනුව ඊයේ පස්වරුව වනවිට ඔවුන් රන් පදක්කම් 101ක්, රිදී පදක්කම් 78ක් හා ලෝකඩ පදක්කම් 85ක් දිනාගෙන සිටියා.

එහි දෙවැනි ස්ථානය හිමිව තිබුණේ රන් පදක්කම් 41ක් හිමි වූ මධ්‍යම පළාතට වන අතර, තෙවැනි ස්ථානය රන් පදක්කම් 36ක් හිමි වූ දකුණු පළාතට හිමිව තිබුණා.

අතීතයේ ජාතික මහා ක්‍රීඩා උළෙල ලෙසින් හැඳින් වූ මෙම තරගාවලිය මෙරට පැවැත්වෙන ප්‍රධානම බහු ක්‍රීඩා තරගාවලියයි.

අදින් අවසන් වන්නේ එහි 48වැනි අදියරයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙහි අවසන් අදියරේ තරග සඳහා බස්නාහිර, මධ්‍යම, ඌව, උතුර, දකුණ, නැගෙනහිර, උතුරුමැද, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය 900කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටිනවා.

පසුගිය වසරේ මෙන්ම මෙම ක්‍රීඩා තරගාවලියේ ඉතිහාසය පුරා සමස්ත ශූරතාව නැතිනම් ජනාධිපති අභියෝග කුසලානය හිමිකරගෙන සිටින්නේ බස්නාහිර පළාතයි.

World News