Latest News

ICC වාර්ෂික සමුළුව අද ශ්‍රී ලංකාවේදී ඇරඹේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අද (19) සිට ලබන 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා.

ඒ අනුව මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

වාර්ෂික සමුළුව ප්‍රධාන රැස්වීම්, වැඩමුළු සහ සැසි මාලාවකින් සමන්විත වන අතර ක්‍රීඩාවේ අනාගතය සඳහාවන ප්‍රධාන තීරණ ද එහිදී ගනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today