Latest News

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරයන් යළි මව් රටට (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ අද අලුයම 05.25ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 174 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙතයි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

පසුගිය ඉරිදා පැවති හොංකොං සික්සර්ස් අවසන් මහා තරගයේ දී පාකිස්ථානය කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාවය දිනාගත්තා.

ශ්‍රී ලංකාව හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාව මෙම ශූරතාව හිමිකර ගත්තේ වසර 17කින් පසුවයි.

World News

Send your contact Details Today