Latest News

ප්‍රංශයේ පවුල් හතක් එක්ව TikTok ට එරෙහිව නඩු දමයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ පවුල් හතක් විසින් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන TikTok ට එරෙහිව නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මෙම සමාජ මාධ්‍ය වේදිකාව සිය නව යොවුන් වියේ දරුවන්ව හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය කළ බවට චෝදනා කරමින්.

මෙලෙස චෝදනා කරන්නන්ගේ පවුල්වල යෞවනයන් හත්දෙනෙකු මේ වන විට සියදිවි නසාගෙන ඇති අතර, ඊට හේතුව TikTok හි ඇතැම් හානිකර අන්තර්ගතයන් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ අනුව අදාළ පවුල්වල පිරිස් පනවා ඇති නඩුවෙන් චෝදනා කර ඇත්තේ සියදිවි නසාගත් යෞවනයන් ස්වයං හානිකර ගැනීමේ අන්තර්ගතයන්, ආහාර ගැනීමේ අක්‍රමිකතා ප්‍රවර්ධනය කරන වීඩියෝවලට TikTok හරහා නැඹුරු වී සිට ඇති බව‍යි.

මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එමෙන්ම යුරෝපයෙන් වාර්තා වූ මෙවන් ආකාරයේ සමූහගත පළමු නඩුව වන බවත් සඳහන්.

World News

Send your contact Details Today