ආගමන – විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දිනයක් අද (04) සිට වෙන් කරවා ගත හැකි බව, වැඩ බලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය මහත්මිය පවසනවා.
දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර සීමිත බැවින් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසයි රජය මීට පෙර ඔක්තෝබර් 29 වැනි දින මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
කෙසේවෙතත්, ප්‍රමාදයන් සහ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිගු කාලයක් බලා සිටීම ගැන බොහෝ දෙනෙක් කලකිරීම ප්‍රකාශ කරනු දක්නට ලැබුණා.
ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ යළිත් දිගු පෝලිම් දක්නට ලැබුණේ තම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පුද්ගලයන් රැඳී සිටීම හේතුවෙන්.