පෝලන්තයේ දුම්රියක, මෝටර් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී එම මෝටර් රථය දුම්රියේ ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් වාහනයේ සිටි මගීන් පස්දෙනා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර ඉන් තිදෙනෙකු කුඩා ළමුන් වන බව සඳහන්.
අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.