ඉතාලිය පුරා ඇති රාජ්‍ය කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අඛණ්ඩව දින දෙකක් ප්‍රවේශ ගාස්තුවකින් තොරව නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ ජාතික සමගිය සහ සන්නද්ධ හමුදා දිනය සැමරීම සඳහා විශේෂ නොමිලේ විවෘත කිරීමක් ලෙසයි.
මෙම දිනය ඉතාලි භාෂාවෙන් හඳුන්වන්නේ Giornata dell’Unità Nazionale e delle Forze Armate ලෙසයි.
ඒ අනුව නොවැම්බර් 3 ඉරිදා සහ නොවැම්බර් 4 සඳුදා දින දෙකෙහි ඉතාලිය පුරා ඇති රාජ්‍ය කෞතුකාගාර නොමිලේ නැරඹීමට ඔබට අවස්ථාව හිමි වනවා.
කෙසේවෙතත් නොවැම්බර් 4 රජයේ නිවාඩු දිනයක් නොවන අතර මෙම දිනය 1918 නොවැම්බරයේදී ඉතාලි හමුදා සහ ඔස්ට්‍රෝ-හංගේරියානු හමුදාව අතර සටන නතර කළ සටන් විරාමය සමරමින් මෙම උත්සවය ඉතාලිය සඳහා පළමු ලෝක යුද්ධයේ අවසානය සිහිපත් කරනවා.
විවෘත කෞතුකාගාර හරහා, ඉතාලි රජය වසින් සිය පුරවැසියන්ට සහ අමුත්තන්ට ජාතියේ සමගිය සහ සාමය කරා යන ගමන ගැන මෙනෙහි කිරීමටයි මෙළෙස රාජ්‍ය කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලබා දී ඇත්තේ.