ප්‍රංශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ රාත්‍රියේ පොයිටියර්ස් හි සිදු වූ වෙඩි තැබීමෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තරුණයන් තුන් දෙනෙකු ඇතුළු පස් දෙනෙකු බරපතල තුවාල සිදුව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරනවා.
එහිදී ගුටි බැට හුවමාරුවක්ද සිදුව තිබෙනවා.
අවන්හලක් ඉදිරිපිට දී ආරම්භ වූ එය වේගයෙන් මහා සටනක් දක්වා වර්ධනය වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෘනෝ රිටෙල්ලු පවසනවා.
සිය ගණනක් පුද්ගලයින් ඊට සම්බන්ධ වූ බව වාර්තා වනවා.
ගැටුම ඇති වූ ප්‍රදේශය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා.