Latest News

බ්‍රික්ස් මුදල් ඒකකයට, යුරෝපා මහ බැංකුවෙන් විරෝධයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ආර්ථිකයේ ප්‍රබලතම රටවල් පහක් එක්ව පිහිටුවා ගත් බ්‍රික්ස් සංවිධානය, සිය මිත්‍ර රටවල් අතර නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට ගත් තීරණයට එරෙහිව යුරෝපීය මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බ්‍රික්ස් මුදල් ඒකකය හඳුන්වා දීමෙන් යුරෝපයේ භාවිත කරන යුරෝ මුදල් ඒකකයට එල්ල වන බලපෑම පිළිබඳ යුරෝපීය මහ බැංකුවේ දැඩි අවධානය යොමු වී තිබෙන බවයි එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

පසුගියදා රුසියාවේ කසන් ප්‍රාන්තයේ පැවති බ්‍රික්ස් සමුළුවේදී එම සංවිධානයට අයත් රුසියාව, චීනය, ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව ඇතුළු රටවල නායකයන් විසින් මෙම මුදල් ඒකකය භාවිතා කිරීමට එකඟතාවට පැමිණියා.

යුරෝපීය මහ බැංකුවේ සභාපතිනිය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානියා ක්‍රිස්ටීන් ලැගාර්ඩ් අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ඩොලරයේ සහ යුරෝ මුදල් ඒකකයේ ගෝලීය භාවිතයට බ්‍රික්ස් මුදල් ඒකකයෙන් තර්ජනයක් එල්ල වනු ඇති බවයි.

World News

Send your contact Details Today