Latest News

ට්‍රැක්ටර් 100ක් තම ශරීරය මතින් ධාවනය කරමින් ශ්‍රී ලාංකිකයෙකුගෙන් වාර්තාවක් (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විශාල ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ, පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමත් වී තිබෙනවා.

පොළොන්නරුව අරලගංවිල පොල භූමියේ ඊයේ (31 වෙනිදා) වාර්තාව පිහිටවු ඔහු විනාඩි තිස් අටයි,තත්පර හතලිස් හයක් තුල මහ ට්‍රැක්ටර් සීයක් තම ශරීරය මත ගමන් කරවමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත් වූ බව සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේ.

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙ වාර්තාව පිහිටවූ ඩබ්ලිව්. ජී පුෂ්පකුමාර සමරකෝන් තමන් සතුව තිබූ යතුරු පැදිය පවා උකස්කර, බසයෙන් ගොස් මනම්පිටිය මහවැලි ගගේ කුලියට වැලි වැලිගොඩ දමා ජීවත් වූ තරුණයෙක්.

කිසියම් පුද්ගලයකු මෙම වාර්තාව කඩන්නේ නම් එම වාර්තාව කැඩීමට ගන්නා ට්‍රැක්ටර් ප්‍රමාණය දෙගුණ කරමින් තමන්ගේ ශරීරය මත ධාවනය කරමින් එම ලෝක වාර්තාවද කැඩීමට තමා ඉදිරිපත් වන බවයි ඔහු පවසන්නේ.

COURTESY: Nimal Jayarathne – Manampitiya, Polonnaruwa, Sri Lanka

World News

Send your contact Details Today