Latest News

ස්පාඤ්ඤයේ ගංවතුරින් මියගිය ගණන 150 ඉක්මවයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර ගණනාවකින් පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 158 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඩ්‍රෝනා යොදා ගනිමින් ගලවාගැනීමේ නිලධාරින් 1,200ක් පමණ මේ වන විටත් සහන මෙහෙයුම්වල නිරතවන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

විපතට පත් වූවන් නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයා එක්වී ඇති අතර අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙසයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

කෙසේ වෙතත් සංවර්ධිත යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයේ ගංවතුර ඇතිවීමට පෙර ඒ පිළිබඳ ජනතාවට දැනුවත් කිරීම සඳහා නිලධාරීන් අපොහොසත් වීම පිළිබඳව කනස්සල්ලක් මතුව තිබෙනවා.

මේ වන විට මෙම අධික ගංවතුර තත්වයෙන් ඇතිවී තිබෙන හානිය පිළිබඳව ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නමුත් අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව නිවැරදිව සඳහන් කළ නොහැකි බවයි බලධාරීන් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today