අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) දූෂණ විරෝධී ඒකකයේ නව ස්වාධීන සභාපති ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පත් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
අදාළ තනතුරෙහි වසර 14ක් කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් එම තනතුරෙන් විශ්‍රාම ගැනීම නිසා සුමති ධර්මවර්ධන මහතා එම තනතුර සඳහා පත් කර තිබෙනවා.
සුමති ධර්මවර්ධන මහතා , ජනාධිපති නීතීඥවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතුවලදී ශ්‍රී ලංකා රජය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශය ද නියෝජනය කර ඇති අයෙක් වනවා.