ඉතාලිය ඇතුළු බොහෝ යුරෝපා සංගම් රටවල් කිහිපයක් අද (ඔක්තෝබර් 27 ඉරිදා) හිමිදිරියේ සිට පැයකින් ඔරලෝසුව ආපසු හරවා, දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය හෝ “ගිම්හාන” වේලාවේ අවසානය සනිටුහන් කරමින් ශීත කාලසටහන ආරම්භ කරනවා.
ඒ අනුව පෙරවරු 3.00ට ඔරලෝසුව පෙරවරු 2.00 දක්වා පැයක් අඩු වන අතර එවිට ඉතාලිය හා ලංකාව අතර පැය 4.30ක වේලාවේ පරතරයක් ඇති වනු ඇති.
පැවති වෙලාව ඉතාලියෙන් ඕරා ලෙගාලෙ (ora legale) ලෙස හඳුන්වනු ලැබූ අතර ඔක්තෝබර් 30 සිට තිබෙන කාලය ඉතාලියෙන් හඳුන්වන්නේ ඕරා සොලාරේ (ora solare)ලෙසයි.
මාර්තු මස අවසාන ඉරිදා සහ ඔක්තෝම්බර් මස අවසාන ඉරිදා දිනවල යුරෝපා සංගම් රටවල කාල වෙනස්වීම් වසරකට දෙවරක් සිදුවනවා.
1966 වසරේ සිට මෙම සෘතුමය කාල මාරුව ඉතාලිය විසින් වැළඳගෙන තිබෙනවා.