ඔස්ට්‍රේලියානු රජය විසින් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් Beechcraft King Air 350 නම් වූ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට (SLAF) අද නොමිලේ ලබා දී තිබෙනවා.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, ගුවන් සමුද්‍ර නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ හැකියාවන් පුළුල් කරන අතර සාමකාමී සහ ආරක්ෂිත ඉන්දියානු සාගර කලාපයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහයට දායක වනු ඇති.
“ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට මෙම ගුවන් යානය ලබා දීමෙන් ජාතීන් දෙක අතර ශක්තිමත් හවුල්කාරිත්වය අවධාරණය කෙරෙන අතර මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමට සහ කලාපීය ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ කැපවීම ශක්තිමත් වේ” යනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.