Latest News

ආරුගම්බේ සිදුවීම: ව්‍යාජ ප්‍රචාරයන් නිවැරදි කරන ලෙසට මාධ්‍ය ආයතනවලට දැනුම්දෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආරුගම්බේ සිද්ධිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අමාත්‍ය විජිත හේරත් මහතා පැවැත්වූවා.

ආරුගම්බේ සිද්ධිය පිළිබඳව විදේශ බුද්ධි අංශයකින් රජයට තොරතුරු ලැබුණු බවත් ඊට අවශ්‍ය සියළුම ආරක්ෂක පියවරයන් ඒ මොහොතේ සිටම ලබාගත් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

මෙම සිද්ධිය ප්‍රහාරයක් නොවන බවත් රටතුළ යම් කැළඹීමක් ඇති කිරීමේ අරමුණින් දේශීය පිරිසක් විසින් සිදුකරගෙන යන ප්‍රචාරයක් බවටත් තොරතුරු ලැබී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

මේ අතර, ඊයේ (23) ඇතැම් මාධ්‍ය පළැකර තිබූ අසත්‍ය පුවතක් පිළිබඳවද සඳහන් කළ අමාත්‍යවරයා, එම පුවතේ සඳහව තිබූ ඉන්දීය බුද්ධි අංශ සහ මුදල් සංසරණයක් සම්බන්ධ තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවද සඳහන් කළා.

එම පුවත වහාම නිවැරදි කරන්නැයි අදාළ මාධ්‍ය ආයතනවලට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් පවතිනවා.

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට පහරදීමේ තර්ජනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි අමාත්‍ය විජිත හේරත් පැවසුවේ.

World News