ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 2ක් දිනූ ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි යන සිසුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් සහභාගි වුණේ මලයාසියාවේ පැවති MAM මැලේසියා ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් තරගාවලියටයි.
ලොව රටවල් 10ක කුඩා මෝටර් රථ ධාවන ශූරයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 20 වනදා මෙම තරගය පැවැත්වුණා.
එහිදී වයස අවුරුදු 15න් පහළ කණිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි ෂෙහාන් ගුණසේකර සහ වයස අවුරුදු 13න් පහළ කැඩෙට් අංශය යටතේ තරග කළ 11 හැවිරිදි ටෙහාන් අමරසිරි රන් පදක්කම් දිනා ගත්තා.
මෙම සිසුන්ට මෙම තරගාවලියේ දී මෝටර් රථ පැදවීමට ජාත්‍යන්තර මෝටර් රථ ධාවන සංගමය මගින් රියදුරු බලපත්‍ර ලබා දී තිබෙනවා.



We are thrilled to announce that Tehan Amarasiri
won the Karting Sprint in the ‘Cadet Category’ in Malaysia.

We are thrilled to announce that Seshaan Gunasekara
won the Karting Sprint in the ‘Junior Category’ in Malaysia.