Latest News

අරුගම්බේ ආරක්ෂාව වැඩි කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අම්පාර, අරුගම්බේ සංචාරක ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු එහි යාමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන්ට සහ ඇමරිකානු පුර වැසියන්ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබුණා.

එම තානාපති කාර්යාලය පවසන්නේ අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කටයුතු තොරතුරු කිහිපයක් ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ එවැනි තොරතුරක් ලැබීමෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තරකර ඇති බවයි.

මෙම ප්‍රදේශයට විනෝදය සඳහා ඊශ්‍රායල ජාතිකයන් වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් එම ජාතිකයන් වෙනුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක්ද ස්ථාපනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එමෙන්ම ඊශ්‍රායල ජාතිකයන්ට අනතුරක් විය හැකි බවට යම් යම් තොරතුරු ලැබී තිබූ බවද ඔහු සඳහන් කළා.

World News

Send your contact Details Today